- Get link
- X
- Other Apps
Posts
Showing posts from July, 2017
තේරුම දැනගත්තොත් ලෝකයා ගල් ගසනවා නිසැකයි.
- Get link
- X
- Other Apps
ප්‍රේමකීර්ති යනු කොතරම් දක්ෂයෙක් දැයි වර්තමානය බොහෝ විට හදුනන්නේ නැතත් එම අවධියේ සිටි අයගෙන් සුලුතරයක් හෝ හදුනති. වර්තමානයේ ප්‍රේමකීර්තිව අධ්‍යයනය කරන්නට යමෙකුට අවැසි නම් වික්ටර් රත්නායකගේ ගීතාවලිය පළමුව අධ්‍යයනය කරන්නට සිදු වෙයි. ඒ තරමට ඔවුන් දෙදෙනා අතර නිර්මානාත්මක සබධතාවයක් පැවතුණි. මා මේ කියන්නට උත්සහ කරනුයේ ප්‍රේමකීර්ති අතින් ලියැවුණු, අර්ථය අතින් ගත් කළ තරමක විවාදයට තුඩු දෙන, බොහෝ දෙනෙකු හරිහැටි තේරුම් ගෙන නොමැති ' අපේ හැගැම්වලට ඉඩ දී මොහොතක්' ගීතය පිළිබඳව කෙටි සටහනක් තැබීමටයි. එයට පෙර මා ඔබට යෝජනාවක් කරමි. එනම් මෙම පද තේරුමෙන් පසුව ඔබ ප්‍රේමකීර්තිට ගල් ගැසීමට සූදානම් නොවනු. මන්ද එසේ වුවහොත් එය උඩ බලා කෙළ ගැසීමක් වන බැවිනි. ලෝකයාම බුද්ධියට මුල් තැන දී ගැගීම් යටපත් කරන්නට කතා කරනා විටෙක හැඟීම්වලට ඉඩ දෙන්නට ගීතය ආරම්භයේදීම යෝජනා කරයි. සමාජය විසින් කිසියම් සංස්කෘතික රාමුවකට මිනිසා කොටු කරති. ඒ හේතුවෙන් මිනිසුන්, ගැහැණුන් බොහෝ ආසාවල් යටපත් කරගෙන ජීවත් වෙති. රචකයා උත්සහ කර ඇත්තේ එම රාමුව මොහොතකට හෝ බිඳ දැමීමටයි. මේ ගීතයේ මූලික යටි අරුත සරලව පැහැදිලි කරනවා ...
නුඹ තමයි හොඳම
- Get link
- X
- Other Apps
අහසත් කළුකරං මහ පොළව තෙමන කොට දේදුණු ඉකිලනවා ඇර පායන්න පුලුවන්ද... සුලඟ ඇවිදින් හිටි හැටියේ කොළොප්පම් කරන කොට බට්ටිත්තොත් පැණි බිව්වේ මත්වෙන්න දුකට... හදවත් දෙක කන්දම් වගේ ඇලෙන කොට තදට අපි හිතුවේ සමබර වෙයි කියලා සේරම තිතට... සනුහරය දුණු අරන් විදින කොට මට ම සඳකිදුරි වගේ උඹත් හැපී වැටෙනවා තවම... උන්මාද චිත්‍රත් හිර වෙලා ඉන්න කොට හිතෙන්න ඇති එල්ලෙන්‍න ප්‍රේමයට පණ දෙන්න 'අපි පැනලා යමු' ඔයා කිව්වත් එක දිගට පේළියට ලස්සනට 'ආදරේට බඩවල් පිරෙන්නෙ නෑ බං' මතක නැද්ද සිනමාව කිසාගෝතමීට අබ දුන්නේ නැතත් කවදත් උඹට හදවත් දිනන්න බැරි නැහැ අදටත් වැද්දට කඩුව දෙන්න කිව්වොත් කවුරුත් දෙයියම්පා කොටපං බෙල්ලටම මැරුනත් චානක දිල්රුක්ෂ 2017-07-05
පැටිකිරිය
- Get link
- X
- Other Apps
කලාව යනු මිනිසා ජිවත් කරනු ලබන මාධ්‍යයක් යැයි පැවසීමේ වරදක් නොමැත. මිනිසාගේ ජීවිතය වඩා උසස් එකක් බවට පත් කර ගැනීමට ඒ හරහා සෘජු ව මෙන් ම වක්‍රව ද විශාල පිටිවහලක් ලැබේ. මෙම බ්ලොග් අඩවිය හරහා බොහෝ කලාකාමී නිර්මාණයන්, විචාරයන් රස විදීමට හැකි වනු ඇත. එම සියලුම නිර්මාණයන්ගේ අඩංගු අදහස් සම්පූර්ණයෙන්ම මාගේ ඒවා වන අතර මා දරනා මතය මත පිහිටා නිර්මාණය කරන ලද ඒවා වෙයි. සැම විටෙකම මා උත්සහ කර ඇත්තේ ඹබට හරවත් යමක් තිළිණ කිරීමටය. එබැවින් මෙම නිර්මාණයන් තුළ අඩංගු වන අදහස් හා මතවාදයන් වලට එකග වීම හෝ නොවීම ඔබගේ පෞද්ගලිකත්වය මත රදා පවති. මා කිසිවිටෙකත් එම ප්‍රජාතන්ත්‍රවාදී ගුණයට අත නොතබමි. ( චානක දිල්රුක්ෂ ) ...