නුඹ තමයි හොඳම














අහසත් කළුකරං
මහ පොළව තෙමන කොට
දේදුණු ඉකිලනවා ඇර
පායන්න පුලුවන්ද...
සුලඟ ඇවිදින් හිටි හැටියේ
කොළොප්පම් කරන කොට
බට්ටිත්තොත් පැණි බිව්වේ
මත්වෙන්න දුකට...

හදවත් දෙක කන්දම් වගේ
ඇලෙන කොට තදට
අපි හිතුවේ සමබර වෙයි කියලා
සේරම තිතට...
සනුහරය දුණු අරන්
විදින කොට මට ම
සඳකිදුරි වගේ උඹත්
හැපී වැටෙනවා තවම...

උන්මාද චිත්‍රත් හිර වෙලා ඉන්න කොට
හිතෙන්න ඇති එල්ලෙන්‍න
ප්‍රේමයට පණ දෙන්න

'අපි පැනලා යමු'
ඔයා කිව්වත්
එක දිගට
පේළියට
ලස්සනට
'ආදරේට බඩවල් පිරෙන්නෙ නෑ බං'
මතක නැද්ද සිනමාව

කිසාගෝතමීට අබ දුන්නේ නැතත්
කවදත්
උඹට හදවත් දිනන්න බැරි නැහැ
අදටත්
වැද්දට කඩුව දෙන්න කිව්වොත්
කවුරුත්
දෙයියම්පා කොටපං බෙල්ලටම
මැරුනත්

චානක දිල්රුක්ෂ    2017-07-05

Comments

Popular posts from this blog

පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට ( ගීතයක කතාව 08 )

පිරිමි ලෝකය ගිණි තියපු ගැහැණිය : දීපිකා ( ගීයක කතාව 04 )

හන්තාන පැත්තෙන් වෙනස් කතාවක් ( ගීතයක කතාව - 07 )