පිරිමි ලෝකය ගිණි තියපු ගැහැණිය : දීපිකා ( ගීයක කතාව 04 )
ගීතයක සැගවුණු කතාවට අද තෝර ගත්තේ ටිකක් වෙනස් ගීතයක්. මුලින්ම කියන්න ඔින දේ තමයි ගීත විචාරය කියන ඒක පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙන්න පුලුවන් කියන ඒක. මේ විචාරයන්ට ඔිනම අයෙක්ට ඒකග නොවී ඉන්නත් පුලුවන්. කොහොම උනත් අද කියන්න හදන ගීතයේ අරුත සමහර අයට දරා ගන්න අමාරුවෙන්න පුලුවන් ගොඩක් දුරට. ඒ්ක නිසා ටිකක් පරිස්සමට කියවන්න.............. ගායිකාව දීපිකා ප්‍රියදර්ශනී. බොහොම අහිංසක විදිහට තමන්ගෙ ගමන යන කෙනෙක් විදිහටනේ අපි ඒයාව දන්නේ. කොහොම උනත් මේ ගීතය අැහුවම ' අපෝ මෙයා මෙහෙම සින්දුත් කියලා තියෙනවද' කියලා කලින් තිබුණු මතය වෙනස් කර ගන්න කවුරුත් දගලන්න ඒපා. මොකද දීපිකා කොහොම කිව්වත් මේ ගීතය අැතුලෙත් අහිංසකම තමයි. ගීතය තමයි ' ඔබ හීනයක් වගේ හාදු වැස්සක් අරන්' කියන ඒක. පද රචකයා වෙන කවුරුත් නෙවෙයි උපුල් ශාන්ත. පද රචකයා නම් ටිකක් දිරවන්නෙ නැති වෙයි සමහරක් අයට. කොහොම උනත් මේ ගීතය අැතුලේ ගත්තොත් සන්නස්ගල මාර පොරක්. ගීතය පටන් ගන්නෙ ' ඔබ හීනයක් වගේ හාදු වැස්සක් අරන්' කියලා. මුල් පද හතර තේරුම් කරන්න ගීතයේ ගැංගුණ කතාව ඒළියට දාන්න වෙනවා. විවාහය ක...