පිරිමි ලෝකය ගිණි තියපු ගැහැණිය : දීපිකා ( ගීයක කතාව 04 )





ගීතයක සැගවුණු කතාවට අද තෝර ගත්තේ ටිකක් වෙනස් ගීතයක්. මුලින්ම කියන්න ඔින දේ තමයි ගීත විචාරය කියන ඒක පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙන්න පුලුවන් කියන ඒක. මේ විචාරයන්ට ඔිනම අයෙක්ට ඒකග නොවී ඉන්නත් පුලුවන්. කොහොම උනත් අද කියන්න හදන ගීතයේ අරුත සමහර අයට දරා ගන්න අමාරුවෙන්න පුලුවන් ගොඩක් දුරට. ඒ්ක නිසා ටිකක් පරිස්සමට කියවන්න..............

ගායිකාව දීපිකා ප්‍රියදර්ශනී. බොහොම අහිංසක විදිහට තමන්ගෙ ගමන යන කෙනෙක් විදිහටනේ අපි ඒයාව දන්නේ. කොහොම උනත් මේ ගීතය අැහුවම ' අපෝ මෙයා මෙහෙම සින්දුත් කියලා තියෙනවද' කියලා කලින් තිබුණු මතය වෙනස් කර ගන්න කවුරුත් දගලන්න ඒපා. මොකද දීපිකා කොහොම කිව්වත් මේ ගීතය අැතුලෙත් අහිංසකම තමයි. ගීතය තමයි ' ඔබ හීනයක් වගේ හාදු වැස්සක් අරන්' කියන ඒක. පද රචකයා වෙන කවුරුත් නෙවෙයි උපුල් ශාන්ත. පද රචකයා නම් ටිකක් දිරවන්නෙ නැති වෙයි සමහරක් අයට. කොහොම උනත් මේ ගීතය අැතුලේ ගත්තොත් සන්නස්ගල මාර පොරක්.

ගීතය පටන් ගන්නෙ ' ඔබ හීනයක් වගේ හාදු වැස්සක් අරන්' කියලා. මුල් පද හතර තේරුම් කරන්න ගීතයේ ගැංගුණ කතාව ඒළියට දාන්න වෙනවා. විවාහය කියන්නේ පුදුමාකාර පරිස්සමකින් ගෙනියන්න ඔින ගමනක් කියලා දන්නවනේ. කොහොම හරි මේ ගීතය අැතුලෙ කියන විදිහට විවාහ වෙච්ච යුවලක් මුල් කාලේ ගොඩක් අාදරෙන් ඉන්න අැති. කොහොම උනත් පහු වෙනකොට පිරිමියට තමන්ගෙ බිරිදව ඒපා වෙලා. ගීතය පටන් ගන්නෙ මේ කතාව කියාගෙන තමයි. ' ඔයාගෙ ලග හාදු වැස්සක තරම් තිබිලත් මට ඒකක්වත් නොදී, අැයි ඔයා මං ලගට ඒන්නෙ නැතුව අැදේ අද්දරටම වෙලා නිදියන්නෙ. ඔයාට මතක නැද්ද මං බැදපු ගැණියෙක් කියලා. වෙන කාවවත් නෙවෙයි ඔයාව බැදපු ගෑණි මං' කියන ඒක තමයි කියන්නෙ. ' මං සස්වාමිකයි ස්වාමි' කියලා දීපිකා පුන පුනා කියන්නෙ වෙන මොකුත් නෙවෙයි තමන්ගෙ මිනිහට මතක් කරලා දෙනවා මං බැදලා ඉන්නෙ උඔව කියන ඒක.

දෙවැනි කොටසින් කියන්නෙ මෙහෙම ප්‍රශ්න වෙලත් මේ කාන්තාව සියල්ල ඉවසන් හිටපු කතන්දරය. ඒහෙම හිටියෙ මෙයාට හැගීම් දැනීම් නැති හින්දා නම් නෙවෙයි. සිල් බිද ගන්න කැමති නැති හින්දයි. මොකද කසාද බදින කොට පෝරුව උඩ දී දීපු පොරොන්දු ගෑණි තාමත් රකින හින්දා.

ගීතයේ වඩා විවාදාත්මක කොටස හම්බවෙන්නෙ ඊලගට. ගෑණිට මේ දුක හැමදාම ඉවසන්න බෑ. මෙහෙම අාදරයක් ගෑණිට වැඩක් නෑ. මේ අතරෙ මෙයාට හමුවෙනවා නියම අාදරයක්. ඒ් විතරක් නෙවෙයි මෙයාගේ කායික අවශ්‍යතා ටිකත් ඉටු කරන හොද හදවතක් ලැබෙනවා. ඉතිං ඒහෙම පසුබිමක ඒහෙම හදවතක් හොයාගෙන ගෑණියෙක් යන ඒක පුදුමයක් නෙවෙයි. ගීතය සන්නස්ගල ලියලා අවසන් කරන්නෙ හොඳම පද ගැලපුමකින් කියලා තමයි මට නම් හිතෙන්නෙ. ' සඳ ලබන්නී මා.... සරා සඳ ලද මා' මේකෙන් කියන්නෙ වෙන මොකුත් නෙවෙයි 'මට ගෑණියෙක් විදිහට සඳ ලැබුණා තමයි. ඒත් සරා සඳ තාමත් ඉන්නෙ ගෙදර'  කියන ඒකයි. මේ කාන්තාව සඳේ පහස කොච්චර ලැබුවත් ගෙදර ඉන්න සරා සඳට තාම අාදරෙයි.

ඉතිං ඔික තමයි කතන්දරය. මේකෙ තේරුම අැහුවම සාම්ප්‍රදායික පිරිමි සමහරක් උරණ වෙන්න පුලුවන්. සමහර ගැහැණුන්ට උනත් මෙිකට ඒකග වෙන්න බැරි වෙන්න පුලුවන්. රෙදි උස්සන් දැගලුවට වැඩක් නෑ මේක තමයි අැත්ත. තමන්ගෙ ගෙදර ගෑණිට යුතුකම් ඉටු නොකරම මෙහෙම වෙන්න පුලුවන්. හැබැයි මේකෙ තව කතාවක් තියෙනවා. කසාද බැන්දම කාන්තාවනුත් දැන ගන්න ඔිනෙ දැළි හොටු පෙරාගෙන ඉන්නෙ නැතිව තමන් ගේ මිනිහට අාදරෙ හිතෙන විදිහට ඉන්න. හරියට අර කසාද බදින්න කළින් හිටියා වගේ.

දීපිකා ගැන මුලිනුත් කිව්වනේ. දීපිකා කියන්නෙ තමන්ගෙ ගමන පරිස්සමට යන ගායිකාවක්. අැයගෙ මුලු ගීතාවලිය තාම කවුරුවත් හරියට අධ්‍යයනය කරලා නෑ කියලයි මට හිතෙන්නෙ. අැත්තටම මේ ගීතයෙන් දීපිකා පිරිමි ලෝකයම ගිණි තිබ්බා කිව්වොත් මං හරි. කසාද ජිවිතේ අවුල් කර ගන්න කළින් පිරිමි දෙපාරක් හිතලා බලන්න ඔින කියලා දීපිකා මේක අැතුලෙ නොකියා කියනවා විතරක් නෙවෙයි ගැහැණුනෙ උඹලා අඬ අඬ ඉන්නෙ නැතුව දෙයක් නැතිවුණා නම් හොයාගෙන පලයල්ලා කියලා හැමෝටම නොතේරුනත් ටික දෙනෙකුට තේරෙන්න හරි කියනවා.

 වෙන මිනිස්සු පස්සෙ යන ගෑණු අපි කොහොමත් අනුමත කරන්නෙ නෑ තමයි හැබැයි තමන්ගෙ යුතුකම් ඉටු නොකර පත්තිනි අම්මලා හොයන්න යන්න ඒපා කවුරුත්..... මොකද අාසවල් කියන ඒක පත්තිනි අම්මලාටත් පොදු නිසා.....

( චානක දිල්රුක් - 2017-08-26 )

Comments

  1. මොන මෝඩයද බං මේක ලිව්වෙ.. ඔය කියන්නෙ කලින් boyfriend මතක්උන සිද්දියක්

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට ( ගීතයක කතාව 08 )

හන්තාන පැත්තෙන් වෙනස් කතාවක් ( ගීතයක කතාව - 07 )