කරුණාකර හඳ පෙන්නන්න...( ගීතයක කතාව - 06 )




ගීතයක කතාවෙන් අදත් කියන්න හදන්නෙ ගායිකාවක් ගායනා කරන ගීතයක්. ඒ වෙන කවුරුත් නෙවෙයි සිංහල ගීත වංශකතාවේ කිරුළ නොපලන් ගී රැජීන. මාලනි බුලත්සිංහල මහත්මියගේ ගීතයක්. මං එහෙම කියන්නෙ එතුමියගේ ගීත පොකුර ගත්තම අහක දාන්න පුලුවන් කිසිම ගීතයක් නැති නිසා සේම ගීත ගායනයේ දී එතුමිය දැක් වූ ප්‍රතිභාව නිසයි. අද ගීතයත් ටිකක් පිරිමින්ව හොල්ලන ගීතයක් තමයි. පිරිමි කවුරුත් තරහ වෙන එකක් නෑ මාත් එකක්. මොකද ගීතයෙන් කියවෙන කතාව සහතික ඇත්ත නිසා. ගීතය " පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත් " කියන එක. පද රචකයා අපිට අධුනිකයෙක් නෙවෙයි. එ් තමයි ලුෂන් බුලත්සිංහල මහතා...
ගිතය පුරාම සිදු කරලා තියෙන්නෙ පිරිමි ප්‍රශ්න කරන එක කිව්වොත් මං හරි. මේ ගීතය අහන කොට මට මතක් වෙන්නෙ එච්. ඩී ප්‍රේමරත්නගේ දෙවෙනි ගමන චිත්‍රපටය. ඔබ එය නරඹලා තියෙනවනම් වැඩේ තේරෙයි. මේක ඇතුලේ ප්‍රශ්න කලේ ගැහැණියගේ පතිවත පිළිබඳව. අන්න ඒ චිත්‍රපටයේ කතන්දරයට හොද තල්ලුවක් මේ ගීතේ ඇතුලේ ලබා දෙනවා.
ගීතයේ මුල් පද හතර ඇතුලේ කියන්නෙ පුන් සඳ ගෙනාවොත් මම මල් වට්ටියකට අරගෙන ඔබ ඉල්ලන තරුමල් ඒකටම නෙලලා පිළිගන්වන්නම් කියලනේ. මේකෙන් මොකක්ද කියන්නෙ කියලා නිකන් හරි කල්පනා කරලා බැලුවද? පුන් සද කියන්නෙ ඉතා පිරිසිදු දෙයක්. අන්න ඒක ඔයා අරගෙන එන්න කියලා නේද කියන්නෙ. තේරෙන සිංහලෙන්ම කියනවනම් " ඔයා පිරිසිදු වෙලා ආවොත් මම මගේ පිරිසිදු කම පෙන්නන්නම්" කියන එකයි මේ නොකියා කියන්නේ.

ගීතයේ ඉතිරි සියලුම පද වලින් කියන්නෙ මේ වගේ කතාවක් තමයි. අවසානයෙදි තමයි හොදම පද දෙක ලුෂන් අමුණන්නේ. ඒ තමයි කිසිදු බඹරෙකුගේ තුඩක් වැදුණේ නැති මලක් ඔයාට ගෙන්න පුලුවන්ද කියලා අහලා. කතාව ටිකක් සැරයි. මොකද මේක ලියලා තියෙන්නෙත් පිරිමියෙක් නිසා ලියන්න ඕන ටික සැරට ලියලා තියෙනවා.
කතාව සම්පුර්ණයෙන් ගත්තොත් ගැණුන්ගේ පතිවත හොයන්න කලින් පිරිමි වෙච්ච උඹලගේ පතිවත පෙන්නපල්ලා කියලා තමයි මාලනී මේ කියන්නෙ. කරන තරමක් කුපාඩිකම් කරලා අපේ පිරිසිදුකම් හොයන්න එපා කියලා තමයි මෙකෙ කියන්නෙ. පතිවත ආරක්ෂා කරනවා තමයි අපි. හැබැයි පත්තිනි අම්මලා වගේ කුපාඩියෝ ඉස්සරහා තනේ කඩලා විසිකරලා අධිෂ්ඨාන කරන්න අපි ලෑස්ති නෑ කියලා බොහොම ආදරෙන් කියලා පිරිමි අපිට රතු එලියක් පෙන්නනවා.
මොනවා උනත් මේ අහලා පිරිමි ගැන වැරදියට තේරුම් ගන්න හදන්න එපා කවුරුත්. මේකෙන් කියන්නෙ පිරිමින්ට වෛර කරන්න එහෙම නෙවෙයි හොදේ. සබදතාවයක තියෙන්න ඕන විශ්වාසය ගැන පාඩමක් මේකෙන් අපිට කියලා දෙනවා. අනිත් එක තමයි කොල්ලෙක් කෙල්ලෙක්ව කසාද බැදලා ආවම මුලින්ම කෙල්ලගේ පතිවත හොයන්නේ ගෑණියෙක් වෙච්ච නැන්දම්මා ඇතුලු සනුහරේම තමයි. එහෙම එකේ ගෑණුන්ටත් මේක ඇතුලේ රෙද්දෙ පිරිසිදුකම ගැන ආයෙත් හිතන්න වෙනවා මිත්‍රවරුනි.
අනිත් කාරනේ තමයි පිරිමියෙක්ට මොනවා උනත් නාවලා ගෙට ගන්න පුලුවන් කියන ගමන් කෙල්ලන්ට එහෙම බෑ කියලා පිරිමින්ට කුපාඩිකම් කරන්න ලයිෂන් එක දෙ⁣න්නෙත් ගෙවල්වල අම්මලම තමයි. කොහොම උනත් අපිට මේකෙන් ගන්න තියෙන්නෙ අති පිරිසිදු එවුන් ගෑණු පිරිමි දෙගොල්ලොම අතරෙ නෑ කියන එකයි.
ඉතිං පිරිමි නාවලා ගෙට ගන්න වෙලාවේ ගෑණුන්වත් ගනිල්ලා කියනවා වගේම මෙන්න අපේ පතිවත බලාපල්ලා කියලා මාලනී අපිට කියනවා විතරක් නෙවෙයි ගැණු උඹලා හැංගිලා ඉන්නෙ නැතුව පිරිමින්ගේ පතිවතේ ගැඹුරත් හොයපල්ලා කියන්නෙ වෙන කවුරුවත් නෙවෙයි මිත්‍රවරුනි පිරිමියෙක්ම තමයි.
  • ( චානක දිල්රුක් - 2017-09-02 )

Comments

Popular posts from this blog

පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට ( ගීතයක කතාව 08 )

පිරිමි ලෝකය ගිණි තියපු ගැහැණිය : දීපිකා ( ගීයක කතාව 04 )

හන්තාන පැත්තෙන් වෙනස් කතාවක් ( ගීතයක කතාව - 07 )