Posts

Showing posts from September, 2017

පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට ( ගීතයක කතාව 08 )

Image
ගීතය - සබඳ අපි කඳු නොවෙමු පද - දර්ශන මෙන්ඩිස් හඬ - ගුණදාස කපුගේ ... විචාර ඉල්ලීම - නුවන් ප්‍රියංකර අද තෝරගත්තෙ මෙච්චර දවසක් කියපු කතාවලට වඩා වෙනස් කතාවක් කියන ගීතයක්. මං දන්නවා දැනටමත් ඔබ මේ ගීතය ඇති වෙනකන් අහලා ඉන්නෙ කියලා. ඒ වගේම මේකේ තේරුමත් කොහෙන් හරි තැනකින් අල්ලගෙන ඉන්නෙ කියලා. කොහොම උනත් මට හිතෙන්නෙ වැඩි දෙනෙක් මේක අල්ල ගත්තට හරි තැනින් අල්ලගෙන නෑ කියලා. මොකද ඔබ තේරුම් ගත්ත දේ වැරදී නෑ තමයි. හැබැයි මිත්‍රවරුනි ඒක හරියට හරි නෑ..... " සබඳ අපි කඳු නොවෙමු " ගීතය මිතුරු සමාගම් ඇතුලේ කොහොමත් හිට් වෙච්ච ගීතයක්නෙ. අපි මේක මිතුරන් අතර රහ කරන එකක් වුණාට මේකේ ඇතුලත කතාව වෙනස්. මං කියන්න හදන්නෙ අන්න ඒ කතාව තමයි. තේරුමට සමහරු කැමති වෙයි, ඒ වගේම අකමැති වෙයි. මොනවා උනත් මනුෂ්‍යත්වය ඔබට හමු වෙයි. මේ ගීතය ලියන්නෙ දර්ශන මෙන්ඩිස් තමන්ගේ කඳුලු මිටියාවත කියන පොතේ. පස්සේ තමයි ගීතයක් වෙන්නෙ. මේක ලියලා තියෙන්නෙ අපි හිතන් ඉන්න අර්ථයෙන් නෙවෙයි.සරලව තේරෙන්න කියනවා නම් මේක දෙමළෙක් සිංහලයන්ට කියන එකක්. පොඩක් අවුල් වගේ නේද? තේරුනේ නෑ වගේ නේද?... ඉන්නකෙ...

හන්තාන පැත්තෙන් වෙනස් කතාවක් ( ගීතයක කතාව - 07 )

Image
ඉක්මනට හත්වෙනි කතාව දාන්න හිතුවේ මොකද කියනවනම් ඉල්ලීම් ගොඩක් වැඩි නිසයි. ගීත විචාර කියවා ඔබත් කැමති ගීත පිළිබඳ ලියනා ලෙස බොහෝ දෙනෙකු ඉල්ලා සිටි. එම ඉල්ලීම් අනුව ලැබුණු ගීතයක් පීලිබදව සටහනක් තැබීමට මා තීරණය කරන ලදී. ගීතය මෑතක බිහි වුවකි. ගීතය " හන්තාන සිහිනේ", පද රචනය " ජානක සිරිවර්ධන", ගායනය අමරදේව සමග උමාරියා සිංහවංශ. අමරදේව නැමති මෙරට සංගීත වංශකතාවේ ප්‍රධානතම ගාන්ධර්වයන් නව පරපුරේ උමාරියා සමගින් මෙවැනි ගීයක් ගැයීම ඇතමුන් පුදුමයට පත් කරන්නක් විය. නමුත් ගීතයේ අර්ථය සමගින් ගත් විට පැහැදිලි වනුයේ එම තෝරා ගැනීම හරියටම හරි බවයි. අපි හන්තානේ කිව්ව ගමන්ම දන්නවා මේ කියන්නෙ පේරාදෙණිය සරසවියේ ප්‍රේමකතාවක් කියලා. නමුත් මේක අපි අහලා තියෙන කතාව නම් නෙවෙයි. මේක ඇතුලේ කියන්නෙ ගැහැණු ළමයා වැලපෙන්නෙ ප්‍රේමයක් වෙනුවෙන් තමයි හැබැයි අපි හිතන ප්‍රේමයක් වෙනුවෙන් නෙවෙයි. සරලවම කියනවා නම් මේක ඇතුලේ කියන්නෙ සරසවි ගීෂ්‍යාවක් සරසවි ඇදුරෙකුට පෙම්කරන කතාවක්. අන්න ඒක නිසා තමයි මේ හන්තාන සිහිනය නෙළා ගන්න මෙච්චර අමාරු වෙලා තියෙන්නෙ. දෙවන කොටසින් අපිට පැහැදිලි වෙන්නෙ මේ ගුරුවර...

කරුණාකර හඳ පෙන්නන්න...( ගීතයක කතාව - 06 )

Image
ගීතයක කතාවෙන් අදත් කියන්න හදන්නෙ ගායිකාවක් ගායනා කරන ගීතයක්. ඒ වෙන කවුරුත් නෙවෙයි සිංහල ගීත වංශකතාවේ කිරුළ නොපලන් ගී රැජීන. මාලනි බුලත්සිංහල මහත්මියගේ ගීතයක්. මං එහෙම කියන්නෙ එතුමියගේ ගීත පොකුර ගත්තම අහක දාන්න පුලුවන් කිසිම ගීතයක් නැති නිසා සේම ගීත ගායනයේ දී එතුමිය දැක් වූ ප්‍රතිභාව නිසයි. අද ගීතයත් ටිකක් පිරිමින්ව හොල්ලන ගීතයක් තමයි. පිරිමි කවුරුත් තරහ වෙන එකක් නෑ මාත් එකක්. මොකද ගීතයෙන් කියවෙන කතාව සහතික ඇත්ත නිසා. ගීතය " පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත් " කියන එක. පද රචකයා අපිට අධුනිකයෙක් නෙවෙයි. එ් තමයි ලුෂන් බුලත්සිංහල මහතා... ගිතය පුරාම සිදු කරලා තියෙන්නෙ පිරිමි ප්‍රශ්න කරන එක කිව්වොත් මං හරි. මේ ගීතය අහන කොට මට මතක් වෙන්නෙ එච්. ඩී ප්‍රේමරත්නගේ දෙවෙනි ගමන චිත්‍රපටය. ඔබ එය නරඹලා තියෙනවනම් වැඩේ තේරෙයි. මේක ඇතුලේ ප්‍රශ්න කලේ ගැහැණියගේ පතිවත පිළිබඳව. අන්න ඒ චිත්‍රපටයේ කතන්දරයට හොද තල්ලුවක් මේ ගීතේ ඇතුලේ ලබා දෙනවා. ගීතයේ මුල් පද හතර ඇතුලේ කියන්නෙ පුන් සඳ ගෙනාවොත් මම මල් වට්ටියකට අරගෙන ඔබ ඉල්ලන තරුමල් ඒකටම නෙලලා පිළිගන්වන්නම් කියලනේ. මේකෙන් මොකක්ද කියන්නෙ කියලා...

පලමුව රවටන්න... ඊට පස්සේ සැනසෙන්න ( ගීතයක කතාව - 05 )

Image
අද කියන්න හදන්නෙ විකාර කතාවක්. වෙනදා වගේම තිත්ත කතාවක්....මේක ගීතය මුලින්ම අහන කෙනෙක්ට මේකේ අගක් මුලක් අල්ල ගන්න බැරි වෙනවා නිසැකයි. ආයෙත් දෙපාරක් තුන්පාරක් ගීතය කනේ තියන් අහන කොට එක එක අදහස් එන්න පුලුවන්. වෙලාවකට පාරක් ගැන කියන එකක් ද? කෙල්ලට කොල්ලා කියන එකක්ද? කියලා මාරුවෙන් මාරුවට හිතෙන්න පුලුවන්. ඒත් ඇත්ත ඒකමද...මට හිතෙන්නෙ ඔබ තාමත් මේක හරියට අල්ල ගෙන නැහැ කියලා... ගීතය අමරසිරි පීරිස් නැමති ප්‍රතිභාපූර්ණ ගායන ගීල්පියා ගයන "ඉරි තැලුණු වලා" ගීතය. කතාව අහන්න පටන් ගන්න ඇත්ත තිත්ත බව දැනගෙනම.... ගීතය පටන් ගන්නෙ "ඉරි තැලුණු වලා උඩු වියන් යටින් "කියලානේ. මේකෙන් කියන්නෙ වෙන මොකුත් නෙවෙයි ආර්ථික දුෂ්කරතා ගැන. ආර්ථික ප්‍රශ්නවලින් බැට කන තරුණයෙක් ගැන වගේම තරුණියක් ගැන. මුලු කතාවම කියලා ඉන්නම්කෝ එහෙනම් මුලින්ම. තරුණයෙක් ඉන්නවා ආර්ථික ප්‍රශ්න තියෙන. සමහර විට තාම විවහා වෙලත් නැති කෙනෙක්. මෙයට ඕන වෙනවා ගණිකාවක් ඇසුරුකරන්න. මේ ගණිකාවත් එක්කරගෙන කම්සැප විදින්න යන ගමන තමයි රචකයා මේ ගිතය පුරා විස්තර කරන්නෙ. හරියට තේරුනේ නෑ වගේ නේද කතාව. ටිකක් ඉවසන්න පැහැදිලි කරනක...