Posts

පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට ( ගීතයක කතාව 08 )

Image
ගීතය - සබඳ අපි කඳු නොවෙමු පද - දර්ශන මෙන්ඩිස් හඬ - ගුණදාස කපුගේ ... විචාර ඉල්ලීම - නුවන් ප්‍රියංකර අද තෝරගත්තෙ මෙච්චර දවසක් කියපු කතාවලට වඩා වෙනස් කතාවක් කියන ගීතයක්. මං දන්නවා දැනටමත් ඔබ මේ ගීතය ඇති වෙනකන් අහලා ඉන්නෙ කියලා. ඒ වගේම මේකේ තේරුමත් කොහෙන් හරි තැනකින් අල්ලගෙන ඉන්නෙ කියලා. කොහොම උනත් මට හිතෙන්නෙ වැඩි දෙනෙක් මේක අල්ල ගත්තට හරි තැනින් අල්ලගෙන නෑ කියලා. මොකද ඔබ තේරුම් ගත්ත දේ වැරදී නෑ තමයි. හැබැයි මිත්‍රවරුනි ඒක හරියට හරි නෑ..... " සබඳ අපි කඳු නොවෙමු " ගීතය මිතුරු සමාගම් ඇතුලේ කොහොමත් හිට් වෙච්ච ගීතයක්නෙ. අපි මේක මිතුරන් අතර රහ කරන එකක් වුණාට මේකේ ඇතුලත කතාව වෙනස්. මං කියන්න හදන්නෙ අන්න ඒ කතාව තමයි. තේරුමට සමහරු කැමති වෙයි, ඒ වගේම අකමැති වෙයි. මොනවා උනත් මනුෂ්‍යත්වය ඔබට හමු වෙයි. මේ ගීතය ලියන්නෙ දර්ශන මෙන්ඩිස් තමන්ගේ කඳුලු මිටියාවත කියන පොතේ. පස්සේ තමයි ගීතයක් වෙන්නෙ. මේක ලියලා තියෙන්නෙ අපි හිතන් ඉන්න අර්ථයෙන් නෙවෙයි.සරලව තේරෙන්න කියනවා නම් මේක දෙමළෙක් සිංහලයන්ට කියන එකක්. පොඩක් අවුල් වගේ නේද? තේරුනේ නෑ වගේ නේද?... ඉන්නකෙ...

හන්තාන පැත්තෙන් වෙනස් කතාවක් ( ගීතයක කතාව - 07 )

Image
ඉක්මනට හත්වෙනි කතාව දාන්න හිතුවේ මොකද කියනවනම් ඉල්ලීම් ගොඩක් වැඩි නිසයි. ගීත විචාර කියවා ඔබත් කැමති ගීත පිළිබඳ ලියනා ලෙස බොහෝ දෙනෙකු ඉල්ලා සිටි. එම ඉල්ලීම් අනුව ලැබුණු ගීතයක් පීලිබදව සටහනක් තැබීමට මා තීරණය කරන ලදී. ගීතය මෑතක බිහි වුවකි. ගීතය " හන්තාන සිහිනේ", පද රචනය " ජානක සිරිවර්ධන", ගායනය අමරදේව සමග උමාරියා සිංහවංශ. අමරදේව නැමති මෙරට සංගීත වංශකතාවේ ප්‍රධානතම ගාන්ධර්වයන් නව පරපුරේ උමාරියා සමගින් මෙවැනි ගීයක් ගැයීම ඇතමුන් පුදුමයට පත් කරන්නක් විය. නමුත් ගීතයේ අර්ථය සමගින් ගත් විට පැහැදිලි වනුයේ එම තෝරා ගැනීම හරියටම හරි බවයි. අපි හන්තානේ කිව්ව ගමන්ම දන්නවා මේ කියන්නෙ පේරාදෙණිය සරසවියේ ප්‍රේමකතාවක් කියලා. නමුත් මේක අපි අහලා තියෙන කතාව නම් නෙවෙයි. මේක ඇතුලේ කියන්නෙ ගැහැණු ළමයා වැලපෙන්නෙ ප්‍රේමයක් වෙනුවෙන් තමයි හැබැයි අපි හිතන ප්‍රේමයක් වෙනුවෙන් නෙවෙයි. සරලවම කියනවා නම් මේක ඇතුලේ කියන්නෙ සරසවි ගීෂ්‍යාවක් සරසවි ඇදුරෙකුට පෙම්කරන කතාවක්. අන්න ඒක නිසා තමයි මේ හන්තාන සිහිනය නෙළා ගන්න මෙච්චර අමාරු වෙලා තියෙන්නෙ. දෙවන කොටසින් අපිට පැහැදිලි වෙන්නෙ මේ ගුරුවර...

කරුණාකර හඳ පෙන්නන්න...( ගීතයක කතාව - 06 )

Image
ගීතයක කතාවෙන් අදත් කියන්න හදන්නෙ ගායිකාවක් ගායනා කරන ගීතයක්. ඒ වෙන කවුරුත් නෙවෙයි සිංහල ගීත වංශකතාවේ කිරුළ නොපලන් ගී රැජීන. මාලනි බුලත්සිංහල මහත්මියගේ ගීතයක්. මං එහෙම කියන්නෙ එතුමියගේ ගීත පොකුර ගත්තම අහක දාන්න පුලුවන් කිසිම ගීතයක් නැති නිසා සේම ගීත ගායනයේ දී එතුමිය දැක් වූ ප්‍රතිභාව නිසයි. අද ගීතයත් ටිකක් පිරිමින්ව හොල්ලන ගීතයක් තමයි. පිරිමි කවුරුත් තරහ වෙන එකක් නෑ මාත් එකක්. මොකද ගීතයෙන් කියවෙන කතාව සහතික ඇත්ත නිසා. ගීතය " පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත් " කියන එක. පද රචකයා අපිට අධුනිකයෙක් නෙවෙයි. එ් තමයි ලුෂන් බුලත්සිංහල මහතා... ගිතය පුරාම සිදු කරලා තියෙන්නෙ පිරිමි ප්‍රශ්න කරන එක කිව්වොත් මං හරි. මේ ගීතය අහන කොට මට මතක් වෙන්නෙ එච්. ඩී ප්‍රේමරත්නගේ දෙවෙනි ගමන චිත්‍රපටය. ඔබ එය නරඹලා තියෙනවනම් වැඩේ තේරෙයි. මේක ඇතුලේ ප්‍රශ්න කලේ ගැහැණියගේ පතිවත පිළිබඳව. අන්න ඒ චිත්‍රපටයේ කතන්දරයට හොද තල්ලුවක් මේ ගීතේ ඇතුලේ ලබා දෙනවා. ගීතයේ මුල් පද හතර ඇතුලේ කියන්නෙ පුන් සඳ ගෙනාවොත් මම මල් වට්ටියකට අරගෙන ඔබ ඉල්ලන තරුමල් ඒකටම නෙලලා පිළිගන්වන්නම් කියලනේ. මේකෙන් මොකක්ද කියන්නෙ කියලා...

පලමුව රවටන්න... ඊට පස්සේ සැනසෙන්න ( ගීතයක කතාව - 05 )

Image
අද කියන්න හදන්නෙ විකාර කතාවක්. වෙනදා වගේම තිත්ත කතාවක්....මේක ගීතය මුලින්ම අහන කෙනෙක්ට මේකේ අගක් මුලක් අල්ල ගන්න බැරි වෙනවා නිසැකයි. ආයෙත් දෙපාරක් තුන්පාරක් ගීතය කනේ තියන් අහන කොට එක එක අදහස් එන්න පුලුවන්. වෙලාවකට පාරක් ගැන කියන එකක් ද? කෙල්ලට කොල්ලා කියන එකක්ද? කියලා මාරුවෙන් මාරුවට හිතෙන්න පුලුවන්. ඒත් ඇත්ත ඒකමද...මට හිතෙන්නෙ ඔබ තාමත් මේක හරියට අල්ල ගෙන නැහැ කියලා... ගීතය අමරසිරි පීරිස් නැමති ප්‍රතිභාපූර්ණ ගායන ගීල්පියා ගයන "ඉරි තැලුණු වලා" ගීතය. කතාව අහන්න පටන් ගන්න ඇත්ත තිත්ත බව දැනගෙනම.... ගීතය පටන් ගන්නෙ "ඉරි තැලුණු වලා උඩු වියන් යටින් "කියලානේ. මේකෙන් කියන්නෙ වෙන මොකුත් නෙවෙයි ආර්ථික දුෂ්කරතා ගැන. ආර්ථික ප්‍රශ්නවලින් බැට කන තරුණයෙක් ගැන වගේම තරුණියක් ගැන. මුලු කතාවම කියලා ඉන්නම්කෝ එහෙනම් මුලින්ම. තරුණයෙක් ඉන්නවා ආර්ථික ප්‍රශ්න තියෙන. සමහර විට තාම විවහා වෙලත් නැති කෙනෙක්. මෙයට ඕන වෙනවා ගණිකාවක් ඇසුරුකරන්න. මේ ගණිකාවත් එක්කරගෙන කම්සැප විදින්න යන ගමන තමයි රචකයා මේ ගිතය පුරා විස්තර කරන්නෙ. හරියට තේරුනේ නෑ වගේ නේද කතාව. ටිකක් ඉවසන්න පැහැදිලි කරනක...

පිරිමි ලෝකය ගිණි තියපු ගැහැණිය : දීපිකා ( ගීයක කතාව 04 )

Image
ගීතයක සැගවුණු කතාවට අද තෝර ගත්තේ ටිකක් වෙනස් ගීතයක්. මුලින්ම කියන්න ඔින දේ තමයි ගීත විචාරය කියන ඒක පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙන්න පුලුවන් කියන ඒක. මේ විචාරයන්ට ඔිනම අයෙක්ට ඒකග නොවී ඉන්නත් පුලුවන්. කොහොම උනත් අද කියන්න හදන ගීතයේ අරුත සමහර අයට දරා ගන්න අමාරුවෙන්න පුලුවන් ගොඩක් දුරට. ඒ්ක නිසා ටිකක් පරිස්සමට කියවන්න.............. ගායිකාව දීපිකා ප්‍රියදර්ශනී. බොහොම අහිංසක විදිහට තමන්ගෙ ගමන යන කෙනෙක් විදිහටනේ අපි ඒයාව දන්නේ. කොහොම උනත් මේ ගීතය අැහුවම ' අපෝ මෙයා මෙහෙම සින්දුත් කියලා තියෙනවද' කියලා කලින් තිබුණු මතය වෙනස් කර ගන්න කවුරුත් දගලන්න ඒපා. මොකද දීපිකා කොහොම කිව්වත් මේ ගීතය අැතුලෙත් අහිංසකම තමයි. ගීතය තමයි ' ඔබ හීනයක් වගේ හාදු වැස්සක් අරන්' කියන ඒක. පද රචකයා වෙන කවුරුත් නෙවෙයි උපුල් ශාන්ත. පද රචකයා නම් ටිකක් දිරවන්නෙ නැති වෙයි සමහරක් අයට. කොහොම උනත් මේ ගීතය අැතුලේ ගත්තොත් සන්නස්ගල මාර පොරක්. ගීතය පටන් ගන්නෙ ' ඔබ හීනයක් වගේ හාදු වැස්සක් අරන්' කියලා. මුල් පද හතර තේරුම් කරන්න ගීතයේ ගැංගුණ කතාව ඒළියට දාන්න වෙනවා. විවාහය ක...

වෙරලියැද්දගෙන් පුංචි ප්‍රේමවන්තියන්ට

Image
අදත් කියන්න හදන්නේ ගීයක පද පේලී අතර හැංගුන කතාන්දරයක් ගැන. මේ ගීතය බොහෝ විට අසා ඇති මෙන් ම මුල් පද පේලී හතර නිසැකව ම මතකයේ ඇති එකක්. ඒ අන් කවරක් නොව සියඹලාගමුවේ අමරදාස නම් එතරම් පුරුදු නැති පද රචකයා විසින් සේනානායක වෙරලියැද්ද ලවා ගායනා කරවනු ලැබූ ' කන්ද පිරිමැද පිරිමැද' ගිතයයි. මෙය ඉතා සරල ගීතයක් ලෙස බොහෝ දෙනෙකුට ඒත්තු ගිය ද මෙහි යටි අරුතේ ප්‍රභලත්වය එදාටත් වඩා අදට ගැළපෙයි. මේ ගීතයෙන් කියවෙනුයේ ලාබාල වයසේ සිටින ප්‍රේමවන්තියකට තම  ප්‍රේමවන්තයා විසින් ලබා දෙන උපදෙසකි. ප්‍රේමවන්තිය ගත කරනුයේ එතරම් හොඳ වයසක් නොවේ. ඇයට හරි වැරැද්ද තේරුම් ගැනීමට තවමත් නොහැක. ඉතිං මේ කෙල්ලට ඕන ඉක්මනට කසාද බදින්න වගේම කායික අවශ්‍යතා ඉටු කර ගන්න. ඒක ඉතිං ඒ වයසේ හැටියක් කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. හැබැයි කොල්ලා මේකට කැමති නෑ. කොල්ලා දන්නවා විවහා ජිවිතේ කියන්නේ වන්දනා ගමනක් වගේ දේකට කියලා. වන්දනාව යන්න කියලා ඉක්මන් වුනොත් මගින් බහින්න වෙනවා මෝඩියේ කියලා තමයි ප්‍රේමවන්තයා ආදරෙන් කියන්නේ. හඳක් වුණත් පායන්නේ පිළිවලට. එක පාරටම අහසට පාත් වෙන්නේ නැහැනේ. ඒක නිසා ඉවසන්න...... මේ ගීතය ඇතුලේ ම...

සැනසිල්ලෙ නිදියන්න

Image
සිරිපාදේ වදින සමනල්ලුත් සීතලට පෙගෙන කොට කහපාට මල් වුනත් පීදෙන්න බය ඇති සඳ වුණත් ගිණි ගන්න ඉර එළිය වැටෙන කොට තරුවකට පුළුවන්ද සැනසිල්ලේ නිදියන්න මේ කතාව කොහොම ඇමුණුවත් කෙළවර තියෙන්නේ දුකක්... ඇල්පෙනෙති තුඩුවටත් සැලුණු හදවතක් සිල්පර කො‍ට මත පාරමී පුරපු දුකක්... හදවතේ දුක ඇස් දෙකෙන් බේරෙන කොට උඹට මාව තිත්ත වෙන්න ඇති හොදටම 'මං බැදපු මිනිහෙක්' කියන කොට පවට බෙන්තර ගඟට තල්ලු නොකළේ මොකද... ඉතිහාස පොතම පෙරලුවත් හමුවුණේ නැහැ බං උඹ වගේ එකියක්... ප්‍රමිලා, සම්බුලා ලගවත් තිබුණ ද සැකයි ඔය වගේ ආදරයක්... මං ඉතිං රගපෑවේ වැද්දගේ චරිතයනේ එදත්... බෙන්තර පාලම සේරම දැකලත් මොකුත් කිව්වේ නෑ ගඟ අදත් සීතලට ගලනවා කිසිම වෙනසක් නෑ මගෙ අතින් සමනළි මැරුණත් මල්වලට ගානක් නෑ යකඩයා අදත් හූ කියනවා කාට ද දන්නෙ නෑ චානක දිල්රුක්ෂ - 2017-07-22